''ජීවිතයේ ඇතැම් හිස් තැන් කිසි දින පිරවිය නොහැක '' මහින්දගෙන් සංවේදී සටහනක්
“ජීවිතයේ ඇතැම් හිස්තැන් කිසිදා පිරවිය නොහැකිය. දෙමාපියන් අහිමි වූ පසු ඉතිරි වන්නේ මතකයන් සහ කිසිදා පිරවිය නොහැකි හිස්තැන් පමණයි.” යන සංවේදී අදහස පළ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පියාණන් වන දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතා සිහිපත් කර තිබෙනවා.
ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 59 වැනි ගුණ සමරුවට සමගාමීව කොළඹ පදනම් ආයතනයේදී පැවති අනුස්මරණ උත්සවය වෙනුවෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම සංවේදී ප්‍රකාශය සිදු කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තම පියා තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට බොහෝ දේ උගන්වා නික්ම ගිය පුද්ගලයෙකු මෙන්ම අහිංසක ග්‍රාමීය ජනතාව සහ රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කළ ජනතා නායකයෙකු වූ බවයි.
පියා භෞතිකව තම ජීවිතවලින් සමුගෙන වසර 59ක් ගතවී ඇතත්, ඔහු අහිමි වීමේ වේදනාව අදටත් එලෙසින්ම දැනෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
තම පියාගේ සහ තම උපන්දිනයන් දෙකම නොවැම්බර් මාසයට යෙදී තිබීම කුඩා කල සිටම විශේෂ හැඟීමක් ඇති කළ බවත්, පියා මෙන් වීම පුතෙකුගේ සිහිනයක් බවත් ඔහු සිය සටහනෙන් සිහිපත් කර තිබෙනවා.
එමෙන්ම, පියා අහිමි වීමෙන් පසු පවුලේ සියලු දෙනා රැකබලා ගනිමින් පවුලේ ශක්තිය බවට පත්වූයේ තම මව බවත්, වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතා ද පවුල වෙනුවෙන් පියෙකුගේ වගකීම ඉටු කළ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
තම සහෝදරයාට ශක්තියක් වෙමින් පවුලේ සියලු දෙනාට ආදරය සහ සෙනෙහස ලබාදුන් චන්ද්‍රා මාලිනී සහෝදරිය ද ඔහු ආදරයෙන් සිහිපත් කර තිබෙනවා.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබෙනවා. ඒ, තම දෙමාපියන් සහ වැඩිහිටියන් ජීවත්ව සිටින කාලයේදී ආදරයෙන් රැකබලා ගන්නා ලෙසයි.
ඔවුන් අහිමි වූ පසු ඉතිරි වන්නේ මතකයන් පමණක් බව තමන් අත්දැකීමෙන්ම දන්නා බවද ඔහු පවසනවා. ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ දේශපාලන මෙහෙවර සිහිපත් කරයි තම පියාගේ දේශපාලන ගමන් මඟ පිළිබඳව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී දීර්ඝව සිහිපත් කර තිබෙනවා.
එතුමාගේ නිළ facebook සටහන පහතින්