පුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ [VIDEO]

Report

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ නගරාධිපතිවරයා සමඟ ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් තරුණයෙකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ගැටුම සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

එහි නගරාධිපතිවරයා විසින් අදාළ තරුණයාට පහරදී ඇති අතර ඉන් පසු එම තරුණයා විසින් නගරාධිපතිවරයාගේ කැබ් රථයට පහර දී ඇති බව සඳහන්.

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

එමෙන්ම පලතුරු වෙළෙඳාමේ නිරත මෙම තරුණයා නගරාධිපතිවරයාගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම ගැටුමට හේතු වී ඇත්තේ අදාළ තරුණයා පවත්වාගෙන ගිය තාවකාලික වෙළෙඳ කුටිය ඉවත් කිරීමට නගර සභාව පියවර ගෙන තිබූ බවත්, ඉන් පසුව එම ස්ථානයේ යළි වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් බවයි.

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න

එක දිගට අඩු වෙන රන් මිලේ අද සුළු වෙනසක් - අද රත්තරන් ගන්න කළින් මේ අලුත් මිල ගණන් දැනගෙනම යන්න

එක දිගට අඩු වෙන රන් මිලේ අද සුළු වෙනසක් - අද රත්තරන් ගන්න කළින් මේ අලුත් මිල ගණන් දැනගෙනම යන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,