දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් - හේතුව මෙන්න

Report

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙහිදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සහ ලේබල් තොරතුරු වෙනස් කිරීම, අසත්‍ය වට්ටම් සහ නොමග යවන වෙළෙඳ ප්‍රචාරණ, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩ සඟවා තබා කෘත්‍රිම හිඟයන් ඇති කිරීම, ඉල්ලා සිටින විට බිල්පත් නිකුත් නොකිරීම මෙන්ම අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානය යොමු කෙරේ.

විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, නත්තල් කේක්, බේකරි නිෂ්පාදන, රසකැවිලි, තෑගි ඇසුරුම්, ඇඳුම් පැළඳුම්, පාවහන්, සෙල්ලම් බඩු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, බෝතල් කළ පානීය ජලය සහ පාසල් උපකරණ මෙහිදී පරීක්ෂාවට ලක් වේ.

ප්‍රධාන තොග හා සිල්ලර වෙළෙඳසැල් ගබඩා, සුපිරි වෙළෙඳසැල්, නිෂ්පාදන හා බෙදාහැරීමේ ස්ථාන, හෝටල්, ආපනශාලා, ජංගම වෙළෙඳුන් සහ විශේෂ අලෙවි ප්‍රවර්ධන ස්ථාන මෙම වැඩසටහන යටතේ විමර්ශනය කෙරෙන අතර, නීති උල්ලංඝනය කරන වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකාරිය පවසයි.

සියලුම පාසල් සඳහා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම පාසල් සඳහා හෙට දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

මේ අතර, භාණ්ඩ මිලදී ගැනීමේදී මිල ගණන් සැසඳීමට, කල් ඉකුත්වීමේ දින, ලේබල් සහ වගකීම් සහතික පරීක්ෂා කිරීමට, අලෙවි කොන්දේසි පිළිබඳ සැලකිලිමත් වීමට සහ බිල්පතක් ඉල්ලා සුරැකිව තබා ගැනීමට කටයුතු කරන ලෙස අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් හෝ නීති උල්ලංඝනයන් පිළිබඳ තොරතුරු වෙතොත් කාර්යාල වේලාවන් තුළ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ද එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.

හෙට දිනයේ ලංගම බස් රථ ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ ලංගම බස් රථ ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්