ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් සටනේ කාසියේ වාසිය පාකිස්තානයට - පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි
ආසියානු නැගීඑන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය අද (29) කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.
රටවල් අටක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී කණ්ඩායම් දෙකම අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.
A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා A කණ්ඩායම මූලික වටයේ සියලු තරග ජයගනිමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.
B කාණ්ඩයෙන් තරග කළ පාකිස්තාන A කණ්ඩායම ද මූලික වටයේ සියලු තරග ජයගැනීමට සමත් විය.
අවසන් පූර්ව වටයේදී ප්‍රබල ඉන්දීය A කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, පාකිස්තානය එම අවස්ථාව හිමිකර ගත්තේ බංග්ලාදේශ A කණ්ඩායම පරාජය කරමිනි.
ඒ අනුව තරගාවලියේ මේ දක්වා කිසිදු තරගයක් පරාජයට පත් නොවූ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මෙම අවසන් සටන කෙරෙහි ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.