රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීම් ලබාදී ඇති පසුබිමක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමේ සාධාරණත්වය පිළිබඳව රාජ්‍ය සේවකයන් නැවත සිතා බැලිය යුතු බව අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
පසුගියදා පැවති උද්ඝෝෂණයකදී රජය බදු පිට බදු පනවා ජනතාවගෙන් මුදල් අය කරගන්නා බවට එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කළ ඔහු, වත්මන් රජය කිසිදු අලුත් බද්දක් පනවා නොමැති අතර පැවති බදු අඩු කර ඇති බව ද ප්‍රකාශ කළේය.
''බොහෝ දෙනෙක් චෝදනා කරනවා නේද මම දැක්කා දැන් පහුගිය දා 23ක් උද්ඝෝෂණයක් තිබුණනේ වැඩ කරන ජනතාවගේ තැනින් තැන ඔළඟ සටන් පාඨ කොළේ අතට අරන් බැලුවම තියෙන්නේ බදු පිට බදු ගහලා නේද නිකන් අපි මේ බදු වලින් හූරගෙන කනවා වගේ සම්පූර්ණ වැරදි අසත්‍ය ප්‍රකාශයක් .
අපි අලුත් බදු එකක්වත් ගහලා නැහැ තිබුණ බදු අඩු කරලා තිබෙන්නේ . ඔබ සියලු දෙනාට වගකීමක් තිබෙනවා මේ රට නිවැරදි දිශාවට ගෙනියන මෙන්න මේ කටයුත්තට දායක වෙන්න . සමස්ත රාජ්‍ය සේවකයින්ගෙන් අපි ඉල්ලන්නට ඕනකම තිබෙනවා මේකට ඔබ අකුල් හෙළන්නේ නැතුව මේ කටයුත්තට දායක වෙන්න.
දැන් අපි දන්නවා හෙටත් නේද යම් ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කරලා තිබෙනවා . ඉතින් ඔවුන්ට හැමෝටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය නිදහස තිබෙනවා. අපි කිසිසේත් මේකට බාධා කරන්න බලාපොරොත්තු වෙනවා හැබැයි දෙවරක් හිතන්න, දෙවරක් බැරිනම් තුන්වරක් නැවත නැවත කල්පනා කරන්නට ඕනකම තිබෙනවා.
මෙතරම් අර්බුදකාරී ආර්ථිකයක් තිබුණ රටක පළමු අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් අදියර තුනකින් වැඩිම වැටුප් වැඩිවීම ලබා දීලා තිබෙනවා . සමහර වෘත්තීය සමිති විවිධ අරගල කැඳවමින් තිබෙනවා .
ඉතින් ජනාධිපතිතුමා පහුගිය 26 වෙනිදා පැහැදිලිවම කිව්වා නේද දෙන්න පුළුවන් සියල්ල දීලා තිබෙනවා, ආර්ථිකය යහපත් ප්‍රමාණයට අපිට තවත් දෙන්න පුළුවන් අපි දෙන්න සූදානම් . මොකද අපි ආණ්ඩුවක් ලෙස කිසිවක්ද අනිත් පාලකයෝ වගේ නෙවෙයිනේ, අපි අපේ දේවල් නේද තිබුණ වරප්‍රසාද අත්හැරපු පාලනයක් තිබෙන්නේ. එහෙම අපි අලුත් වාහන ගෙනාවේ නැහැ, අපේ අමාත්‍යාංශ වල තිබෙන නේද අරම එහෙම පරණ වාහන තමයි පාවිච්චි කරමින් අද කටයුතු කරමින් තිබෙන්නේ. ඉතින් එහෙම කටයුතු කරන ආණ්ඩුවකට එරෙහිව තමයි අද සමහර වෘත්තීය සමිති මේ කටයුතු කරමින් තිබෙන්නේ .
ඉතින් දීමනා සම්බන්ධ විෂමතාවයන් තිබෙනවා, වැටුප සම්බන්ධ විෂමතා තිබෙනවා, අපි කිසිසේත්ම ඒවා බැහැර කරන ආණ්ඩුවක් නෙමෙයි . දීමනා වල වෙනස්කම් තිබෙනවා විෂමතාවයන් තිබෙනවා ඒවා හැබැයි දීර්ඝ කාලයක් තිබුණ ඒවා . වැටුප් වල විෂමතාවයන් තිබෙනවා, ඒවා දීර්ඝ කාලයක් තිබුණ ඒවා අයවැයකින් වැටුප් විෂමතා ඉවත් කරන්නට බැහැ .ඒ සඳහා තමයි වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් එකක් පත් කරලා තිබෙන්නේ . ඒ කොමිෂන් එකේ නිර්දේශත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා ඉදිරියේදී මේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන්නට.හෙට දවසෙත් මේ අලුත් තත්ත්වයක් මතුවෙලා තිබෙන නිසා අපිට ඉල්ලන්න තිබෙනවා මේ රටේ සමස්ත රාජ්‍ය සේවයෙන්, ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන්, ඒ වගේම අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගෙන්, විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් ඇතුළු මේ සමස්ත රාජ්‍ය සේවකයින්ගෙන් ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කරලා බලන්න.
ඔබේ 2024 දෙසැම්බර් පඩිපතයි 2027 පඩිය දන් නැත්නම් 2026 ලබාගත්ත නොවැම්බර් පඩිපතයි දෙක සංසන්දනය කරලා බලන්න කෙතරම් සාධාරණද, යුක්ති සහගතද මේ අරගල කියන එක.
ඉතින් මොන අභියෝග ආවත් ජනාධිපතිතුමාත් ඇතුළු මේ ආණ්ඩුව මොන අභියෝග ආවත් ඒ සියලු අභියෝග ජයග්‍රහණය කරන්නට සමත් අපිට හැකියාවක් ධෛර්යයක් තිබෙනවා. මොකද අපි ඉතිහාසයේ ඒවා කියන්න අවශ්‍ය නැහැ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දීපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ හැම හැලහැප්පිලීම් වලදිම ඒ අභියෝග ජයග්‍රහණය කරගෙන ආපු කණ්ඩායමක්. 2019 නේද 3%යි කියලනේ කිව්වේ. එහෙම හිටපු දේශපාලන ව්‍යාපාරයක් තමයි අවුරුදු පහක් ඇතුළත බලය ගන්න තැනට පත් කරේ. එවැනි අභියෝග ජයග්‍රහණය කරපු දේශපාලන ව්‍යාපාරයක් ඒක නිසා එන ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරමින් මේ රටට, මේ රටේ දරුවන්ට, මේ රටේ ජනතාවට වඩාත් හොඳ යහපත් සුන්දර රටක් ගොඩනගන්න අපි සූදානම්.''