අද ලංකාවම පුදුම කරපු රන් මිල - රන් වෙළඳපොළ උඩුයටිකුරු කරමින් මිල ගණන් වෙනස් වෙයි

Report

ජාත්‍යන්තර ආයෝජකයින් මෙම මාසයේ රන් සඳහා වන තම ආයෝජන සැලකිය යුතු ලෙස අඩු කර ඇති බැවින්, රන් මිල තවදුරටත් පහත වැටෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

2027 වසරේ රන් මිල තීරණය කරන ප්‍රධාන සාධක ලෙස ජාත්‍යන්තර ආර්ථික වෙනස්කම්, ඇමරිකානු ඩොලරයේ අගය සහ මහ බැංකු විසින් සිදු කරනු ලබන රන් මිලදී ගැනීම් බලපෑ හැකි බවට පුරෝකථනයන් ඉදිරිපත් වී ඇත.

2027 වසර අවසාන වන විට රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,650ක් දක්වා ඉහළ යා හැකි බවට ද අනාවැකි පළ වී තිබේ. මේ අනුව, රන් මිල තවදුරටත් පහත වැටීමට ඉඩක් තිබුණද, එය නැවත ඉහළ යාමට ද හැකියාවක් පවතී.

එබැවින්, මිල තවදුරටත් පහත වැටෙන තෙක් බලා නොසිට, මේ අවස්ථාවේදීම රන් මිලදී ගැනීම වඩාත් සුදුසු පියවර වනු ඇති බව වාර්තා වේ.

තවද, විවිධ හේතුන් මත රන් මිල අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර, රන් මිලෙහි මෙම තත්ත්වය ආයෝජකයින් මවිතයට පත් කර තිබේ.

නිතර ඉහළ පහළ යන රන් මිල අද (29) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ අනුව, රන් අවුන්සයක් රු. 1,203,005.00 ක් වේ.

රන් කැරට් 24 - ග්‍රෑම් 1 රු. 42,440.00 ක් වේ.

රන් කැරට් 24 - ග්‍රෑම් 8 (පවුම් 1) රු. 339,500.00 ක් වේ.

රන් කැරට් 22 - ග්‍රෑම් 1 රු. 38,910.00 ක් වේ.

රන් කැරට් 22 - ග්‍රෑම් 8 (පවුම් 1) රු. 311,250.00 ක් වේ.

රන් කැරට් 21 - ග්‍රෑම් 1 රු. 37,140.00 ක් වේ.

රන් කැරට් 21 - ග්‍රෑම් 8 (පවුම් 1) රු. 297,100.00 ක් වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.