ස්මාර්ට්ෆෝන්වලින් එහා ගිය Samsungගේ අලුත්ම පියවර- රොබෝ තාක්ෂණයේ විශාල පෙරළියක් මෙන්න

Report

දකුණු කොරියාවේ ප්‍රධාන තාක්ෂණික සමාගමක් වන Samsung Electronics සිය පළමු මිනිස් හැඩැති රොබෝව (Humanoid Robot) ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට සූදානම් වන බව වාර්තා වනවා. ස්මාර්ට්ෆෝන් සහ පරිගණක චිප් නිෂ්පාදනයෙන් ඔබ්බට ගොස් නව තාක්ෂණික ක්ෂේත්‍රවලට පිවිසීමේ සැලසුමක් අනුව සමාගම මෙම පියවර ගෙන තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, Samsung සමාගම පසුගිය සතියේදී සිය අධ්‍යක්ෂ මණ්ඩලයට මෙම රොබෝවේ මූලාකෘතියක් පෙන්වා ඇති බවයි.

ලබන ජනවාරි මාසයේදී ලාස් වේගාස් නුවර පැවැත්වෙන ලොව ප්‍රසිද්ධ තාක්ෂණික ප්‍රදර්ශනයක් වන CES හිදී මෙම රොබෝව ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

නොවැම්බර් 30 අවසන් දිනය වෙනස් වෙයි- බදු වාර්තා භාරදෙන අයට ලැබුණු විශේෂ සහනය මෙන්න

නොවැම්බර් 30 අවසන් දිනය වෙනස් වෙයි- බදු වාර්තා භාරදෙන අයට ලැබුණු විශේෂ සහනය මෙන්න

සෝල් නුවර පිහිටි Samsung රොබෝ තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේදී පැවති මෙම ප්‍රදර්ශනයට සමාගමේ සම ප්‍රධාන විධායක නිලධාරී ටී.එම්. රෝ ද සහභාගී වී තිබෙනවා.

මෙම රොබෝවට තම ශරීරය පාලනය කිරීම මෙන්ම දෑත් භාවිතයෙන් විවිධ දේවල් අල්ලා ගැනීමට සහ ඒවා හැසිරවීමට ඇති හැකියාව පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කර්මාන්තශාලාවල වැඩ කිරීමට මිනිස් හැඩැති රොබෝවරුන් යොදා ගැනීමේදී ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ දෑත් භාවිතයෙන් භාණ්ඩ නිවැරදිව හැසිරවීමයි.

ඒ නිසා Samsung සමාගම මෙම හැකියාව වැඩිදියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන්. මේ අතර, පසුගිය ජූලි මාසයේදී Samsung සමාගම 'Robotics eXperience (RX)' නමින් නව අංශයක් ද ආරම්භ කර තිබෙනවා.

එම අංශය මගින් රොබෝ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ, නව නිෂ්පාදන සංවර්ධනය සහ ඒවා වෙළඳපොළට හඳුන්වාදීමේ කටයුතු සිදුකරනවා. 2030 වසර වන විට සිය කර්මාන්තශාලා කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන ස්ථාන බවට පත් කිරීම Samsung සමාගමේ තවත් අරමුණක්.

ඒ සඳහා මිනිස් හැඩැති රොබෝවරුන් නිෂ්පාදන කටයුතුවලට යොදා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා. දකුණු කොරියාවේ ගුමි නගරයේ පිහිටි ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන කර්මාන්තශාලාව ආශ්‍රිතව මෙවැනි රොබෝවරුන් නිෂ්පාදනය කිරීමේ ඒකකයක් පිහිටුවීමට ද සමාගම බලාපොරොත්තු වනවා.

මීට අමතරව එක්සත් ජනපදය, චීනය සහ ජපානය යන රටවල ද Samsung සමාගම රොබෝ තාක්ෂණ පර්යේෂණ සිදුකරනවා. රොබෝ තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසීම සඳහා Samsung සමාගම දකුණු කොරියානු සමාගමක් වන Rainbow Robotics හි ආයෝජනය කර තිබෙනවා. 2024 වසර වන විට එම සමාගමේ විශාලතම කොටස් හිමිකරු බවට ද Samsung පත්ව සිටියා.

මේ වන විට Tesla, චීනයේ Unitree සහ Hyundai සමාගමට අයත් Boston Dynamics වැනි සමාගම් ද මිනිස් හැඩැති රොබෝ තාක්ෂණය දියුණු කිරීමේ තරගයක නිරතව සිටිනවා.

Samsung සමාගමේ මෙම නව පියවරත් සමඟ ලොව රොබෝ තාක්ෂණ ක්ෂේත්‍රයේ තරගකාරීත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

හසලක කළඹමින් මාරක අනතුරක් - බස් රථයක් පෙරළී 22 දෙනෙකුට තුවාල

හසලක කළඹමින් මාරක අනතුරක් - බස් රථයක් පෙරළී 22 දෙනෙකුට තුවාල