රාජිතට 29 අධිකරණයේ පෙනී සිටිය යුතුයි, අධිකරණයෙන් නොතීසි
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අගෝස්තු මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (20) දින නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අල්ලස් කොමිසමෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කළ බව සඳහන්.