අල්ලස් කොමිසමෙන් එන්න කියූ දිනයේම රාජිත ලෙඩ වෙලා

Report

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයක සිටින බව පවසමින් අද (ජූලි 2) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටියේය.

ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරමින්, අත්තනෝමතිකව සහ නීති විරෝධීව කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවටයි.

තෙල්වලට සහන දෙන්න ගියොත් වෙන අලාභෙත් අපිට ගෙවන්න වෙනවා - සිපෙට්කෝ සභාපති

තෙල්වලට සහන දෙන්න ගියොත් වෙන අලාභෙත් අපිට ගෙවන්න වෙනවා - සිපෙට්කෝ සභාපති

අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අද උදෑසන 9:00 ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබුණා.

ඔහුගේ නීතිඥයෙකු අද උදෑසන කොමිසමට පැමිණ, සේනාරත්න මහතා අසනීප තත්ත්වයක සිටින බැවින් විමර්ශනයට සහභාගී විය නොහැකි බවට ලිපියක් භාර දුන් බවයි අල්ලස් කොමිසම් ආරංචි මාර්ග පැවසුවේ.

පසුගිය ජූනි 27 වන දින, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. 

අස්වැසුමේ දෙවන අදියරේ සුදුසුකම් ලැබූ ලැයිස්තුව මෙන්න

අස්වැසුමේ දෙවන අදියරේ සුදුසුකම් ලැබූ ලැයිස්තුව මෙන්න