යට ඇදුමේ හිල් කිවුව ඇමතිට අද කෝටි ගාණක වත්කම්.. සුපිරි ගෙවල් දෙකක් හදලා දෙපැත්තේ ඉඩම් දෙකත් දුවගේ නමට අරන් - රාජිතගෙන් බරපතළ චෝදනා [VIDEO]

Report

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මීට වසර එකහමාරකට පෙර තමන් සතු දරිද්‍රතාවය ගැන කියමින් ජනතා අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කළ ඇතැම් ඇමතිවරුන්, අද වන විට රුපියල් කෝටි ගණනක වත්කම් හිමි කෝටිපතියන් බවට පත්ව ඇති බව ප්‍රකාශ කරයි.

ඒ මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, එදා තමන්ගේ යට ඇඳුම්වල පවා හිල් පවතින බව පැවසූ පුද්ගලයන් අද වන විට සුඛෝපභෝගී මන්දිර සහ නීති විරෝධී මූල්‍ය වත්කම් පවා රැස්කරගෙන තිබෙන බවයි.

මහින්ද රාජපක්ෂ නම නිසා පාසලක්ම අනතුරේ - සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වුවත් දැඩි අපහසුතාවක - බන්ධුල කට අරී

මහින්ද රාජපක්ෂ නම නිසා පාසලක්ම අනතුරේ - සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වුවත් දැඩි අපහසුතාවක - බන්ධුල කට අරී

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු වත්මන් රජයේ ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් පිළිබඳව කරුණු හෙළි කරමින් ප්‍රශ්න කළේ,

"එක් ඇමතිවරයෙක් අද ගෙවල් දෙකක් හදනවා. ඉන් එකක් තෙමහල් සුඛෝපභෝගී මන්දිරයක්. දුවගෙ නමට ඉඩම් දෙකක් අරන් තවත් ඇමතිවරයෙකුගේ වත්කම් ප්‍රකාශවල ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) පවතින බව සඳහන් වෙනවා. මහ බැංකුව පවා මෙරට තුළ ක්‍රිප්ටෝ භාවිතයට ඉඩ ලබා නොදී තිබියදී, කැබිනට් ඇමතිවරයෙකුට මේවා ලැබුණේ කොහොමද?" යනුවෙන්.

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

තවද ඔහු චෝදනා කළේ රජය සිය නොහැකියාව වසා ගැනීමට විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් මර්දනය දියත් කරන බවටයි.

එසේම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හරහා විපක්ෂය බිය ගැන්වීමට උත්සාහ කළ ද, එය සාර්ථක නොවන බව ද රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

"ආණ්ඩුව හිතනවා ඇති විරුද්ධ පක්ෂයට පහර දීලා මේ ප්‍රශ්න යටපත් කරන්න පුළුවන් කියලා. හැබැයි ගොවියෝ අද පාරට බැහැලා ඉන්නවා. ජනතාවගේ බඩගින්නට උත්තර දෙන්න ආණ්ඩුවට බැරි වෙලා"

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන සහ සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයන්ට එරෙහිව ද අතීතයේදී මෙවැනි මර්දනයන් ක්‍රියාත්මක වූ බව සිහිපත් කළ රාජිත සේනාරත්න මහතා, එවැනි ක්‍රියාමාර්ගවලින් ජනතා මතය වෙනස් කළ නොහැකි බවත් අවධාරණය ක‍ර සිටියා.

එමෙන්ම රජය සිය දූෂිත ක්‍රියාවන් වසා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්