රාජකුමාරිගේ මරණය ගැන CIDයට නියෝගයක්..!
අද (02) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, ඉකුත්දා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට පත්වීමෙන් පසුව රාජකුමාරි නැමැති කාන්තාවක් මරණයට පත්වූ බව කියන සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ අදාළ පැමිණිල්ල කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඒවා මෙතෙක් ලබා දී නොමැති බව කියා සිටියේය.
ඒ අනුව අදාළ දර්ශන ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන මෙන් ද CID ය අධිකරණයට දන්වා සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණය අවිය කරන් දක්වමින් මියගිය තැනැත්තියගේ දේහය මඟදමා තිබියදී සොයා ගත් බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළ ද එසේ මෘත ශරීරයක් සොයාගත් විට අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන පවතින බව පැවසුවේය.
එවැනි දෙයක් සිදු වූ විට අධිකරණ පෝරම සම්පූර්ණ කිරීම, සාක්කු සටහන් යෙදීම, රෝහල් පොලිස් මුරපොළ දැනුවත් කිරීම වැනි කටයුතු කටයුතු සිදුකළ යුතු වූවත් මෙම සිද්ධියේ දී එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිදු වී නොමැති බවට සැක පහළ වී ඇති හෙයින් ඒ පිළිබඳව සොයා බලන නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඒ අනුව මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය. එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21දා වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් වුණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
