හෙට දහවල් 1න් පසු ගිගුරුම් සහිත වැසි - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (29) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේතුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (28) සවස 4ට නිකුත්කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.

ඒ් අනුව සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යකා නටයි - ලොක්කෝ 22ක් සේවයෙන් එලවයි

ඩොනල්ඩ් ට්‍රම්ප් යකා නටයි - ලොක්කෝ 22ක් සේවයෙන් එලවයි

මධ්‍යම, සබරගමුව, උතුරු - මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.