දුම්රිය වැඩ වර්ජනය ගැන අලුත්ම ආරංචිය.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Sep 12, 2023 03:09 PM GMT
krishani

krishani

Report

සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් දුම්රිය වැඩ වර්ජනය ඉදිරියට ගෙන යන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක සඳහන් කළේ ය.

මෙම සංගමය ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ මෙම හදිසි වැඩවර්ජනයක් දියත් කළේ වැටුප් සහ උසස්වීම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්ය.

එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා සඳහන් කළේ මෙවැන්නකී,

"කොළඹ ධාවනාගාර 5ක් තියෙන්නේ. කනිෂ්ඨ රියදුරන් ඉන්නේ ධාවනාගාර 2ක.ඒ ධාවනාගාර දෙකේ තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ.මේකට විසඳුමක් නොදුන්නොත් වර්ජනය ඉදිරියට යනවා.අනෙකුත් කණ්ඩායනුත් මේකට සම්බන්ධ වෙනවා." යනුවෙන් ය.

කෙසේ වෙතත්, මෙම වර්ජනය හේතුවෙන් අද (12) පස්වරු 6 වනවිට දුම්රිය ගමන්වාර 120ක් පමණ අවලංගු වී ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.


ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)

ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට්ටුවක්.. (PHOTO)


වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරන්නැයි ඇමති ජනපතිට දන්වයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරන්නැයි ඇමති ජනපතිට දන්වයි..


නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි දුම්රියේ වහලය මත ගිය මගියෙක් ඇඳවැටී මියයයි(UPDATE/PHOTOS)..

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි දුම්රියේ වහලය මත ගිය මගියෙක් ඇඳවැටී මියයයි(UPDATE/PHOTOS)..


ReeCha