වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරන්නැයි ඇමති ජනපතිට දන්වයි..

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්නැයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී අද උදෑසන මහනුවර සිට කොළඹ බලා ගමන්කරමින් තිබූ දුම්රියේ වහලය මත සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ඉන් ඇද වැටී මිය යෑමේ සිද්ධියට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය සංවේගය පළ කළා.

මෙලෙස අහිසංක තරුණ ජීවිත අකාලයේ මහ මඟ මියදෙන්නේ කාගේ වරදින් ද?

උදෑසන සහ සවස් කාලයේ අපේ රටේ දුම්රියේ ගමන් ගන්නා මගීන් ගෙන් විශාල පිරිසක් පාපුවරුවල අනාරක්ෂිත ලෙස ගමන් කරන්නේ ද?

මේ අහිංසක මිනිස් ජීවිත අනතුරේ පත්වීම ගැන දැන්වත් සිතාබලා ඊට නිසි විසදුමක් ලබාදෙන්නට වගකිවයුතු ඉහළ බලධාරීන් කවදා කටයුතු කරයිද?

දුම්රිය දෙපාර්තමේන්තුව තමන්ගේ වගකීම හරිහැටි ඉටු කරන්නේ ද?

එලෙස ඉටුකරයි නම් අහිංසක තරුණ ජීවිත මෙලෙස මහමඟ අකාලයේ මියයයි ද?

දැන්වත් තම තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කරන්නට කටයුතු කළයුතු හොඳම කාලයයි මේ.

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි දුම්රියේ වහලය මත ගිය මගියෙක් ඇඳවැටී මියයයි(UPDATE/PHOTOS)..

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි දුම්රියේ වහලය මත ගිය මගියෙක් ඇඳවැටී මියයයි(UPDATE/PHOTOS)..