ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ පරක්කු නොවී බෙහෙත් දෙන්න ජනපති කියයි
හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට අවැසි ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා ඒ වෙනුවෙන් ඉක්මන් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) දින බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී බව සඳහන්.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඖෂධ මිලදීගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය විධිමත් කරන ලෙසයි.
එසේම ඊට අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත් පවසයි.
එමෙන්ම රෝහල් රැසක දැනටමත් අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බවට තොරතුරු ලැබෙයි.
ඒ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දින කිහිපයක සිට පවසයි.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට රජයේ රෝහල් රැසක දියවැඩියාව ඇතුළු බෝ නොව රෝග, පිළිකා, ශ්වසන ආබාධ ඇතුළු රෝග සඳහා ලබාදෙන ඖෂධ මෙන්ම වේදනා නාශකවල පවා හිඟයක් ඇත.
එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින කියා ඇත්තේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම නිර්දේශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය ද කිසිසේත් ප්‍රායෝගික නොවීම නිසා මෙම තත්ත්වය ව්‍යාකූල වී ඇති බවයි.
ඊට අමතරව 2026 වසර වෙනුවෙන් දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමට අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
