බෙහෙත් ප්‍රශ්නේ නිසා දැන් බෙහෙත් ගන්න වෙලා තියෙන්නෙ වෛද්‍යවරුන්ට, සීමාව පැනලා ඇති බව කියන සංගමය

Ministry of Health Sri Lanka Doctors Medicines Sinhala news Breaking News
By Kaushi Jul 22, 2025 02:57 PM GMT
Kaushi

Kaushi

Report

රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් මිලදී ගැනීමට නිකුත් කරන ලද සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛයේ ප්‍රායෝගික ගැටලු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉකුත් දින කිහිපයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්යේ සංගමය වෙත සාමාජිකයන් සහ ජනතාවගෙන් ලැබුණු තොරතුරු මත රෝහල් පද්ධතිය තුළ ඇති ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම රටේ ජනතාවගේද අවධානය අඛණ්ඩව යොමු කර ඇති බවයි.

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

කෝපිකඩේ අධ්‍යක්ෂ සුදම් දයාරත්න අභිරහස් ලෙස ජීවිතක්ෂයට, බිරිඳ දොර කඩලා මියගිය සැමියා සොයාගෙන

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ රෝහල් පද්ධතිය තුළ දිනෙන් දින උග්‍රවන ඖෂධ සහ උපකරණ හිඟය හමුවේ රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව සහ ගුණාත්මකව පවත්වා ගැනීමට හැකි වී ඇත්තේ සීමාව ඉක්මවා කැපවීම් කරමින් සේවයන් සපයන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් නිසා බවයි.

එසේම එහි පෙන්වා දී ඇත්තේ ඖෂධ හිඟය මඟ හරවා ගැනීමට රජය ඉක්මනින් කළ යුතුව තිබූ හිඟ ඖෂධ රෝහල්වලට ලබාදීම වෙනුවට සෞඛ්‍ය අමාතයංශය සිදු කර ඇත්තේ චක්‍රය ලේඛයක් නිකුත් කර රෝගීන්ට ඖෂධ පිටතින් මිලදී ගැනීමට යොමුකරවීම බවයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා රෝහල තුළ හිඟ ඖෂධ රෝගීන් බාහිරින් ලබා ගැනීමට සෞඛ්‍ය පද්ධතිය තුළ ගත් විකල්ප ක්‍රමවේද පිළිබඳව නෛතික සහ පරිපාලනමය ගැටළු ගණනාවක් පසුගිය කාලයේදි මත වූ බවයි.

එමෙන්ම ඔවුන් පවසන්නේ අවදානමක් ගනිමින් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා කැපවන විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙලක් නැති බවයි.

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

තවද රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබාගැනීමට අදාළ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් සතියේ නිකුත් කළ බවද අඳාළ ගැටළුව පිළිබඳව සමස්ත වෛද්‍ය ප්‍රජාව තුළ ප්‍රබල සාකච්ඡාවක් මතුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන් සඳහන් කරයි.

මේ අතර අඳාළ චක්‍රලේඛය පිළිබඳව වෛද්‍යවරු සාකච්ඡ කළ අතර එය රෝහල් පද්ධතියේ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික නොවන චක්‍රලේඛය ඔස්සේ සිදුවනුයේ තවදුරටත් රෝගී සත්කාරක සේවාවන්ට බාධා වීම පමණක් බවත් ඔවුන්ගේ අදහස බව සඳහන්.

තවද ඔවුන් චෝදනා කරන්නේ දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල පවතින හිඟ ඖෂධ ලේඛනය ඉදිරිපත් කර නැති බවයි.

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

එසේම කුමන ඖෂධ හිඟ දැයි , දිනපතා සායන, බාහිර රෝගී අංශ,වාට්ටු, ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක ඇතුළු සෞඛ්‍ය සේවා සපයන සෑම ඒකකයක් වෙතම අධ්‍යක්ෂකවරුන් සහතික කොට එවිය යුතු වුවද බහුතරයක් රෝහල්වල එම කාර්යය අදටත් සිදු නොවන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

කෙසේ වෙතත් වැඩිදුරටත් එම නිවේදනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා ඇත්තේ මෙම ගැටලු ඉදිරියේ දී සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එහෙත් විසදුම් ප්‍රමාද කිරීමෙන් ජනතාවගේ නිදහස් සෞඛ්‍ය අයිතිය තවත් කප්පාදු වන බවත් දක්වා ඇත.

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

ReeCha