දේශබන්දු කතාවට නව හැරවීමක් - අභියාචනාධිකරණය දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Supreme Court of Sri Lanka Deshabandu Tennakoon Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 22, 2025 12:58 PM GMT
Shehan

Shehan

Report

2022 මැයි 9 වන දින ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට එල්ල වූ ප්‍රහාරයේ සිද්ධියේ සැකකරුවකු ලෙස එවකට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යවන ලද ලිපියක් බල රහිත කිරීමට අභියාචනාධිකරණය විසින් මීට පෙර ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්චාධිකරණය අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබා දෙමින්, ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා, සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්චාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

මෙම පෙත්සම අද සලකා බැලීමට ගත් අවස්ථාවේදී, දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, නඩුකරයේ වග උත්තරකරුවන්ගේ නාමාවලිය සංශෝධනය වී නොමැති බවට මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ නමුත්, එය ශ්‍රේෂ්චාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් රහසිගත කවරයක බහා ඉදිරිපත් කරන ලද වැදගත් ලේඛන ගණනාවක්, තීන්දුව ලබාදීමට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් සලකා බලා නොමැති බව චෝදනා කළාය.

අස්වැසුම දෙවැනි අදියර ගැන හදිස්සියේ රජයෙන් විශේෂ දැනුම්දීමක්

අස්වැසුම දෙවැනි අදියර ගැන හදිස්සියේ රජයෙන් විශේෂ දැනුම්දීමක්

එසේම, යම් විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් උපදෙස් ඉල්ලා සිටි විටෙක, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපතිවරයාට බලය ඇති බවත්, දේශබන්දු තෙන්නකෝන් මහතාව අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කිරීම, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව සිදු කළ බවත් ඇය පැවසුවාය.

අභියාචනාධිකරණයේ තීන්දුව ලබාදීමට පෙර නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු කිසිවක් සලකා බලා නොමැති බවත්, පෙත්සම්කරු ඉල්ලා නොසිටි සහන පවා එම තීන්දුව තුළින් ලබාදී ඇති බවත්, එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අවධාරණය කළාය.

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත්, සැකකරුවකු නම් කිරීම පිළිබඳ තීරණය ගත යුත්තේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත පදනම්ව පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත්ය. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතාව සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් CID වෙත යවන ලද ලිපිය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව ඔහු තර්ක කළේය.

දෙපාර්ශවයේ තර්ක සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්චාධිකරණ විනිසුරු මඩුල්ල, නීතිපතිවරයාගේ අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය. එසේම, මෙම පෙත්සමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු, අභියාචනාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

අගරදගුරු ගැන බොරු කී බිමල් අත්අඩංගුවට.. - රහස් පොලිසිය ක්‍රියාත්මක වෙයි

අගරදගුරු ගැන බොරු කී බිමල් අත්අඩංගුවට.. - රහස් පොලිසිය ක්‍රියාත්මක වෙයි

2023 අප්‍රේල් 19 වන දින නීතිපතිවරයා විසින් CID වෙත යවන ලද ලිපියක් මගින් දේශබන්දු තෙන්නකෝන් මහතාව සැකකරුවකු ලෙස නම් කිරීමට උපදෙස් දී තිබුණි. එම ලිපිය බල රහිත කරන ලෙස ඉල්ලා තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණයේ එවකට සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක්, එම ලිපිය බල රහිත කරමින් තීන්දුවක් ලබාදී තිබිණි. එම තීන්දුව නීතිවිරෝධී බවත්, එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්චාධිකරණය වෙත මෙම අභියාචනය ඉදිරිපත් කරන ලදී.

ReeCha