මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති[VIDEO]
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මහර බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි පල්ලියට බාහිර පුද්ගලයින් ඇතුළු වීමෙන් ආරක්ෂක තර්ජනයක් ඇති වී තිබෙන නිසා එම පල්ලිය නැවත විවෘත කිරීමට අවසර නොදෙන බව සඳහන් කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ඒ අනුව මහර බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි පල්ලියට බාහිර පුද්ගලයින් නීතිවිරෝධී ආකාරයට ඇතුළු වී ඇති බවත්, එහිදී සිරකරුවන් වෙත දුරකථන, මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විසි කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම මුස්ලිම් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් සිදුවීමකදී බොහෝ පිරිසක් මෙම පල්ලියට පැමිණ ඇති බව පවසයි.
එනිසා මෙය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා පවසා ඇත.
මේ හේතුවෙන් එවකට බන්ධනාගාර අධිකාරීවරයා මඟින් පල්ලිය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
එසේම පල්ලිය යළි විවෘත කළහොත්, එම ආරක්ෂක තර්ජන නැවත ඇති විය හැකි නිසා එය යළි විවෘත කිරීමට අවසර ලබා දිය නොහැකි බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරමින් පවසා ඇත.
