නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි දුම්රියේ වහලය මත ගිය මගියෙක් ඇඳවැටී මියයයි(UPDATE/PHOTOS)..

Report

Update

මහනුවර සිට කොළඹ බලා යන දුම්රියේ වහලය මත සිටි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මිය ගොස් ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසනවා.

එම අනතුර සිදු වී ඇත්තේ අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක බවයි පැවසෙන්නේ.

වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී ඇති බවයි.

.............................

 දුම්රිය ගමන්වාර 36ක් අවලංගු වෙයි..දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්(UPDATE).

දුම්රිය සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 36ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

..........................................................................

අදත් දුම්රිය ධාවනයට බාධා..මගීන්ට විශේෂ පණිවුඩයක්..

ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය විසින් දියත් කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

වර්ජනය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් මගීන් අපේක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් දියත් කළේය. ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමයේ සාමාජිකයින් මධ්‍යම රාත්‍රියේ රාජකාරිවලින් ඉවත් වන බව බලධාරීන්ට දැනුම් දුන් බව එම සංගමය පවසයි.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ දැඩි බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොකිරීම, උසස්වීම් ගැටළු ඇතුළු තවත් ගැටළු වලට එරෙහිවයි.

දුම්රිය ප්‍රමාදයක් - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්.

දුම්රිය ප්‍රමාදයක් - දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්.


GalleryGalleryGalleryGallery