මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක් - අවදානම් තත්ත්වයක් පරිස්සම් වෙන්න දැනුම් දෙයි

Report

උතුරු කළුතර ප්‍රදේශයේ, ජල භීතිකා රෝගය වැලඳී ඇති බව සැක සැලකෙන සුනඛයකු සම්බන්ධයෙන් පොලිසියට සහ සෞඛ්‍ය අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම සුනඛයා පසුගිය සතියක පමණ කාලයක් තුළ උතුරු කළුතර, කැලිඩෝ පාරේ මහෙස්ත්‍රාත් නිල නිවස ආසන්නයේ ලඳු කැලෑවක රැඳී සිට, එහි ගමන් කරන ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු සපා කා ඇති බවට සැක පළ කරයි.

ප්‍රදේශවාසීන් පවසන පරිදි,මෙම සුනඛයා මාර්ගය භාවිතා කරන අය සපා කෑමට පුරුදු වීම නිසා එම ප්‍රදේශයේ ගමන් කිරීමට බිය දක්වමින් සිටින අතර, දෛනික කටයුතු වලටද බාධා ඇති වී ඇත.

දෙවියනේ මේවා වස් වදින වැඩ - උතුම් සිරිපා අඩවියේ අමානුෂික වැඩක්

දෙවියනේ මේවා වස් වදින වැඩ - උතුම් සිරිපා අඩවියේ අමානුෂික වැඩක්

සපා කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට කළුතර ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

කළුතර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක නිර්මල පැවසුවේ, ජල භීතිකා රෝගය පැතිරීමේ අවදානම නිසා මෙම සුනඛයා අල්ලා විනාශ කිරීමට, උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා වෙත ලිඛිත ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි.

පෙබරවාරි 01 දින සිට මේ රජයේ සේවකයන්ට වාර්ෂික වැටුප් වර්ධකයක්

පෙබරවාරි 01 දින සිට මේ රජයේ සේවකයන්ට වාර්ෂික වැටුප් වර්ධකයක්