පියුමි හංසමාලි කියන්නේ ලොකු බිස්නස් කාරියක් ද? - ඇමති අනිල් දන්නැති පියුමි

By Shehan Aug 03, 2025 05:34 AM GMT
Report

රටේ ඕනෑම පුද්ගලයකුගේ තරාතිරම හෝ බලපෑම කුමක් වුවත්, නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.

සීනි මිල පහතට? - සීනි අර්බුදය විසඳන්න නව යෝජනාවක්

සීනි මිල පහතට? - සීනි අර්බුදය විසඳන්න නව යෝජනාවක්

පසුගියදා (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී, ව්‍යාපාරිකාවක් වන පියුමි හංසමාලි මහත්මියට එරෙහිව බදු වංචාවලට සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනිනවාදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ, “ඒ කවුද? ඒ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකාවක්ද? මම දන්නේ නැහැ,” යනුවෙන් පිළිතුරු දුන් අමාත්‍යවරයා, ඕනෑම අයෙකු බදු වංචාවකට හෝ නීති උල්ලංඝනයකට වගකිව යුතු බවත්, සියලු දෙනා සාධාරණව බදු ගෙවිය යුතු බවත් සඳහන් කළේය. 

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

එමෙන්ම, නීති උල්ලංඝනය කර ඇති ඕනෑම පුද්ගලයකුට ඒ වෙනුවෙන් දඩුවම් හිමිවන බවත්, ඒ සම්බන්ධ විමර්ශන සිදුකරන කණ්ඩායම් ඉදිරියේදී අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා මෙසේ පැවසීය;

“අපි නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ. අපි මුල සිටම පැවසුවා, ආණ්ඩුවක් ලෙස අපි ලොකු ව්‍යාපාරිකයන්ද, කුඩා ව්‍යාපාරිකයන්ද, ප්‍රබලයන්ද, දුබලයන්ද යන වග බලමින් ඔවුන් පසුපස හඹා යන්නේ නැහැ. ආණ්ඩුවක් ලෙස අපි මහජනතාවට වගකියනවා. එහිදී, සාධාරණ ලෙස සියලු දෙනා බදු ගෙවිය යුතුයි.

යම් අයෙකු බදු වංචාවක් හෝ බදු පැහැර හැරීමක් කර ඇත්නම්, ඔවුන්ගේ තරාතිරම ගැන සලකන්නේ නැහැ. අදාළ ආයතනවලට විමර්ශන කරගෙන යාමට නිදහස ලබාදී ඇති අතර, ඒ තුළින් විශේෂත්වයක් ඇති කර තිබෙනවා. පසුගිය ආණ්ඩුවලදී මෙවැනි විමර්ශනවලට දේශපාලනික මැදිහත්වීම් බලපෑවා. නමුත්, අපි එවැනි මැදිහත්වීම් සිදු නොකරනවා පමණක් නොව, එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම්ද සපයනවා..

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

“රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන හරහා විමර්ශන සිදු කෙරෙනවා. ඒවා ඉදිරියේදීත් නිසි පරිදි සිදුවන අතර, අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නවා. කිසිදු පෞද්ගලික මැදිහත්වීමකින් තොරව, නීති උල්ලංඝනය කළවුන්ට දඩුවම් හිමිවනවා. ඒක තමයි අපි පොරොන්දු වූ ‘නීතිය සැමට සමානයි’ යන ස්ථාවරය”

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි