කටාර් රජයෙන් දැනුම්දීමක් - ලේසි වෙන්නේ නෑ ඉරාන මිසයිල ප්‍රහාර නවත්වන්න ඕන තරම් මිසයිල තියෙන බවට අනතුරු අඟවයි
ඉරාන මිසයිල ප්‍රහාර මැඩපැවැත්වීමට ඉකුත් දින තුන පුරා මිසයිල අඛණ්ඩව භාවිත කිරීමට සිදු වුවද, තවමත් තම රට සතුව ප්‍රමාණවත් තරම් එම මිසයිල සංචිත පවතින බවට කටාර් රජය දැනුම් දෙයි.
ඒ අනුව කටාර්හි ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බාහිර තර්ජනවලින් රට ආරක්ෂා කිරීමට තමන්ට ඇති හැකියාව තම සන්නද්ධ හමුදා නැවත නැවතත් ඔප්පු කර පෙන්වා තිබෙන බවයි.
මේ අතර ඉකුත් 2024 වසරේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින්, මාස 15ක් පුරා ලෙබනනයට එරෙහිව ඊශ්‍රායලය සිදුකළ ආක්‍රමණයට සාධාරණ ප්‍රතිචාරයක් වශයෙන් ඊශ්‍රායලයට එල්ල කළ මෑතකාලීන මිසයිල ප්‍රහාර තමන් සාධාරණීකරණය කරන බව ද හිස්බුල්ලා සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය ටෙලිග්‍රෑම්හි පණිවුඩයක් තබමින් වැඩිදුරටත් කියා ඇත්තේ ඊශ්‍රායලයේ මෙම ආක්‍රමණය පාලනය කිරීමට හෝ සටන් විරාම ගිවිසුම සහ එහි අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලයට බල කිරීමට සියලු දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වී තිබෙන බවයි.
එසේම ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර ආත්මාරක්ෂක ක්‍රියාවක් සහ නීත්‍යානුකූල අයිතියක් වශයෙන් ද ඔවුන් හඳුන්වා දී ඇති බව සඳහන්.