යුක්‍රේනය සමඟ සටන් විරාමයක් ඳහා පුටින් තම කොන්දේසි ඉදිරිපත් කරයි

Report

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් (Vladimir Putin), යුක්‍රේනය සමඟ සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා තම කොන්දේසි ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ යුක්‍රේනය සමඟ සටන් විරාමයකට එළඹීමේ යෝජනාවට තමන් එකඟ බවයි.

නමුත්, සටන් විරාමයේ ස්වරූපය ගැන මේ වන විට කිසිදු පාර්ශ්වයකට නිශ්චිත අදහසක් නොමැති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

මේ සතියේ ආරම්භයේදී ඇමෙරිකාව සමඟ පැවති සාකච්ඡාවලදී, යුක්‍රේනය සටන් විරාමයකට සිය එකඟතාව පළ කළා.

ඒ අනුව, රුසියා ජනාධිපතිවරයා දින 30ක සටන් විරාමයකට සිය ප්‍රතිචාරය ලබා දී තිබෙනවා.

තිරසාර සාමයක් ඇති කිරීමටත්, යුක්‍රේනය සමඟ යුධ ගැටුමට හේතු වූ කරුණු සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බවත් රුසියා ජනාධිපතිවරයා අවධාරණය කරනවා.