සැමියට උණ ගැනෙන්නම බිරිඳ දුන්න දඬුවම...අම්මගේ උදව්වට දුවත් ඇවිත්
බලංගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ කාන්තාවක් විසින් තම දියණියක් හා එක් වී සැමියාගේ මුහුණට මිරිස් කුඩු ගැසීමෙන් පසු ඔහුට හිමි යතුරු පැදියකට සහ කැබ් රථයකට ගිනි තබා ඇති පුවතක් වර්තා වේ.
මෙහිදී ගිනි තැබීම නිසා අඳාළ යතුරු පැදිය මුළුමනින්ම ගිනිගෙන හානි වී ඇති බව පවසයි.
එසේම කැබ් රථයට ද සුළු අලාභ හානි සිදුව ඇති බව පවසයි. මෙම සිදුවීම අද (15) අලුයම කාලයේදී සිදු ව ඇත.
එසේම සිද්ධියට මුහුණ දුන් සැමියා ප්‍රතිකාර වෙනුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අඳාළ කාන්තාව 43 හැවිරිදි වියේ පසුවන අතර ඇය සැමියාගෙන් වෙන්ව දරුවන් තිදෙනා ද සමඟ කලක පටන් කුලී නිවසක ජීවත් වන බව සඳහන්.
ඇය තම 23 හැවිරිදි දියණිය සමඟ මෙම අපරාධය සිදු කර ඇති බව හෙළි වී ඇත.
ඒ අනුව පොලිසිය පැවසුවේ එම සැකකාර කාන්තාව සහ දියණිය අත්අඩංගුවට ගත් බවත් ඔවුන් බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ය.
