ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව, අති විශේෂ ගැසට් නිවේදනයක් වහාම නිකුත් කරයි..

Ranil Wickremesinghe President of Sri lanka Sri Lanka Government Gazette New Gazette Latest Headlines
By krishani Jun 29, 2024 04:57 PM GMT
krishani

krishani

Report

පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව, අති විශේෂ ගැසට් නිවේදනයක් වහාම නිකුත් කරයි.. | Public Transport Services Are An Essential Service

ඒ 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ය.

ඒ අනුව එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හෝ පොදු ගමනාගමන සේවා මෙන්ම මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අදාළ ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.

මේ අතර, අද (29) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක සඳහන් කළේ, එළඹෙන ජුලි මස 17න් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවයි.

ඒ අනුව කොමිසම මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනයක්...

මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනයක්...