රජයේ රැකියා ලැබෙයිද? මෙන්න අලුත්ම පණිවිඩේ

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතින් බඳවාගත් සෞඛ්‍ය සහකාර නිලධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සවයකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසා සිටියේ විධිමත් බඳවා ගැනීමේ ක්‍රියාවලිය පසුගිය පාලන සමයන්හිදී මෙන් දේශපාලන උවමනා මත දහස් ගණනින් පිරිස් රාජ්‍ය සේවයට පටවා ගැනීමේ ක්‍රමය වත්මන් රජය අත්හැර දමා ඇති බවයි.

ඒ වෙනුවට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ආයතනවල සැබෑ අවශ්‍යතාවය හඳුනාගෙන, විධිමත් සැලසුමකට අනුව බඳවා ගැනීම් සිදුකරන බව ඔහු ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වැටුප් ඉහල දැමීමට බිලියන ගණනක් මෙන්න

රාජ්‍ය සේවයේ වැටුප් ඉහල දැමීමට බිලියන ගණනක් මෙන්න

රාජ්‍ය සේවයට අලුතින් ලක්ෂයක පිරිසක් පසුගිය මාස 12ක කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශවලට 10,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති අතර, ඉන් 8,000කට වැඩි පිරිසක් මේ වන විටත් බඳවාගෙන තිබේ.

රාජ්‍ය සේවකයාගේ වගකීම 2022 වසරේදී මෙරට ආර්ථිකය නිල වශයෙන් බංකොලොත් වූ බව ප්‍රකාශ කළ අසීරු අවධියක මෙම පත්වීම් ලාභීන් සේවයට එක්වන බව සිහිපත් කළ අමාත්‍යවරයා, රාජ්‍ය සේවය යනු සෙල්ලමක් නොවන බවත් එය දැඩි වගකීම් සහගත කාර්යයක් බවත් පෙන්වා දුන්නේය.

ලාංකිකයන්ට රුමේනියාවේ රැකියා අවස්ථා - රජයෙන්ම සහය දෙනවලු

ලාංකිකයන්ට රුමේනියාවේ රැකියා අවස්ථා - රජයෙන්ම සහය දෙනවලු

රාජ්‍ය සේවයට ඇතුළත් වූ පසු සාමාන්‍ය නිදහස් ජීවිතයට වඩා වගකීම් සහගත වෘත්තීය ජීවිතයකට හුරුවිය යුතු බවත්, දේශපාලන අධිකාරිය ද ඒ හා සමාන වගකීමකින් බැඳී සිටින බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය