නවගමුව ප්‍රදේශයේ වැටලීමක දී උණුසුම් තත්ත්වයක්
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නලිධාරී කොට්ඨාශයේ නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හදිසි වැටලීමක් සිදු කර තිබේ.
එහිදී නවගමුව නගරයේ වෙළෙඳසැලක නරක් වූ මාලු තොගයක් ශීතකරණයක බහා තිබීම පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රශ්න කිරීමේ දී උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
එම මාලු තොගය ආපසු යැවීම සඳහා ගබඩා කර ඇති බව වෙළෙඳසැල් හිමියා පවසා ඇත.
එවගේම මෙම වෙළදසැල් හිමියා නරක් වූ මාලු මිනිසුන් කන්නේම නැද්ද යන්න විමසා තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශීතකරණයේ තිබූ මාලු කිලෝ 20ක් පමණ විනාශ කිරීමට ක්‍රියා කර ඇත. තවද ශිතකරණවල දොරවල් අධික ලෙස මල බැදි තිබූ අතර අයිස් කැබලි ගැනීම සඳහා මලකඩ සහිත සවලම් භාවිත කිරීම පිළිබඳව ද අවවාද කර ඇත .
නවගමුව ප්‍රදේශයේ බේකරි , සිල්ලර වෙළෙඳසැල් හා සුපිරි වෙළෙඳසැල් පරීක්ෂාවේ දී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන නවයකට නඩු පවරා තවත් ආයතන කිහිපයකට අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත.
සුපිරි වෙළෙඳසැලක රතු සීනි මලකඩ සහිත පෙට්ටියක අයිස් ක්‍රීම් භාගත කර තිබුණි.
එවැනි අයිස් ක්‍රීම් 122ක් සමග ශීතකරණය මුද්‍රා තබා නඩු පැවරීමට කටයුතු කෙරුණි. පරීක්ෂණය අවස්ථාවේ හෝටල්වල මුළුතැන්ගෙවල් අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන යාම, පිසු ආහාර බදුන් අසල කසල බදුන් තැබීම, මැස්සන් සහ කෘමින් ආහාරවල ගැවසීම වැනි කටයුතු දැකගත හැකිවිය.
තවද, කුකුළු අසුචි සමඟ බිත්තර අලෙවිය සහ එම අසුචි සමඟ බිත්තර පිසිම වැනි වැරදි ක්‍රියාකාරකම්ද මෙහිදී අනාවරණය කරගන්නට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හැක් වී තිබේ.