නිළියො කාගෙ කෙහෙල් කෑවත් ඒක උන්ගේ වැඩක් - පද්මෙගේ සිද්ධියත් එක්ක පියුමිගෙන් නැවත පෝස්ට් එකක්
ජනප්‍රිය ව්‍යාපාරිකාවක් වශයෙන් ප්‍රසිද්ධ වී සිටින පියුමි හංසමාලි සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා.
ඒ ඇය මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින කෙහෙල් බද්දර පද්මේ සමඟ ගත් ඡායාරූපයක් පද්මෙගේ දුරකථනයේ තිබී හමුවීමත් සමඟයි.
ඒ අනුව ශ්‍රී මාලි ෆොන්සේකා,පියුමි හංසමාලි,හේෂානි ලියදිපිට,පියුමි බොතේජු යන රංගන ශිල්පීන් රැසකගේ නම් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය විය.
පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පියුම් මේ සඳහන් කළේ ඇයට කෙහෙල් බද්දර පද්මේ සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. 2022 අවුරුද්දේදී ඇය මේ ආකාරයෙන් ඩුබායි රාජ්‍යය අවුරුදු උත්සවයකට සහභාගි වීමෙන් ඒ සෙනඟ අතර ඉඳිමින් ඔහුත් ඇය සමග ඡායාරූප ගත් බවට ඇය ප්‍රකාශ කරයි.
ඇය මේ අවස්ථාවට සහභාගී වූ අපිට ලබාගත් වීඩියෝ දර්ශනයක්ද සමාජ මාධ්‍ය ගිණුමට එක් කොට සටහනක් එකතු කර තිබුණි.එම සටහනද පහතින් උපුටා දක්වා ඇත.
“2023 මම සහාබාගි වු අවුරුදු උත්සවය 🐸 හැබැයි මෙ උන දේවල් එක්ක ආයි ජිවිතේට අවුරුදු උත්සව වලට dubai වලට එන්නෙ නැ 🤣🔫 මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට කීදාහක් love කරනව ඇත්ද හිතින්🤣”
යනුවෙන් සඳහන් කරන ඇය නැවත වතාවක් තවත් පුද්ගලයෙකු පළ කෙරූ සටහනක් පෝස්ට් එකක් ලෙස තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබුණි.එහි සඳහන් වූයේ පහත ආකාරයේ අදහසකි.
“නිළියෝ කාගෙ කෙහෙල් කෑවත් ඒක උංගෙ වැඩක්. ක්‍රීම් ගාල මුදල් සුදුකිරීම ඇල්ලීම පොලිස් වැඩක්. දුන්නොත් නිකං ඉඳී කහන ඇරියස්කාරයො 🤣🔫”
ඉතින් මෙයාකාරයෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඇය නැවත වතාවක් සඳහන් කළේ ඇයගේ ක්‍රීම් ව්‍යාපාරය මෙකී පුද්ගලයන්ගේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් නොවන බවයි.