වත්කම් සියල්ල ජනතාවට එළි කිරීම පෞද්ගලිකත්වයට පහරක් - වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම ගැන ආණ්ඩුව ගන්න යන අලුත්ම තීරණය මෙන්න
අද (06) දින පාර්ලිමේන්තතුවේදී දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළා.
ඒ අනුව, එම පනත් කෙටුම්පත නැවත සංශෝධනය වනු ඇත.
ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ,
"2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්. එම පනතේ 86 සහ 88 වගන්ති අනුව තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන් දේශපාලන නායකත්වය මේ සියලු දෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කරන්න ඕනි කියන එක. ඒ අනුව එම පනතට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300ක් පමණ ජනාධිපතිගේ සිට පහළට මේ තොරතුරු වත්කම් බැරකම් ප්‍රකාශවල සියල්ල ලබාදිය යුතුව තිබුණා. ඒක දිය යුතුව තිබුණේ මුද්‍රිතව. ඉන් පසුව එය සංශෝධනය කළා මෙය ලබාදීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න.. ඉන් පසු අසූ අටවැනි වගන්තිය අනුව දූෂණ විරෝධී පනත 2023 අංක 9 දරණ එහි ජනතා ප්‍රවේශයට අනුව එක්ලක්ෂ හැටදාහම ලබාදෙන තොරතුරු ඒ වෙබ්සයිට් එකේ පළ කිරීමටත් ඒවා ලබා ගැනීමටත් ජනතාවට අයිතිවාසිකම් ලබා දුන්නා. නමුත් මේ පියවර අද වෙනකොට සමහර වගකීම් විරහිත පුද්ගලයන් සහ මාධ්‍යයි කියල හඳුන ගන්නා පුද්ගලයින් විසින් මෙය අවභාවිතා කරමින් සිටින බව ඉතා පැහැදිලිව පෙනෙන්න තිබෙනවා මොකද මේවගේ තිබෙනවා අදාළ වාර්තා ලබා දෙන පුද්ගලයින්ගේ පමණක් නොවෙයි ඔවුන්ගේ දරුවන්ගේ සිටම වත්කම් තිබෙනවා. අපි දුටුවා ඇමතිවරුන්ගේ පවා පහුගිය කාලේ මේ වත්කම් බැරකම් ප්‍රකාශ අරගෙන, කාටත් ප්‍රවේශ වීමට ඇති හැකියාව නිසා ඒවා අරගෙන ඒවා විකෘති කරලා දැම්මා. ඒනිසා මේක මිනිසුන්ගේ පුද්ගලිකත්වයට අනවශ්‍ය පහරක් වුණා. මේ නිසා තමයි මේ පනත සංශෝධනය කරන්න දූෂණ විරෝධී කොමිසම තීන්දු කරන්නේ.. ඒ අනුව සංශෝධනයේ යෝජනා වෙමින් තිබෙන දේ තමයි ජනතා ප්‍රවේශයෙන් මේ තොරතුරු යම් කිසි ප්‍රමාණයකට සීමා කළ යුතුයි කියන එක.. නමුත් අපි ආණ්ඩුව වශයෙන් තීන්දු කරලා තියෙනව ඒ සීමාව මහජන නියෝජිතයන්ට සීමා විය යුතු නැහැ කියලා. ඒ අනුව මහජන නියෝජිතයන්ට අඳාළව දැන් මේ තියෙන විදිහටම ඕන කෙනෙකුට ඒක ලබාගන්න පුළුවන්, ඒ අයිතිවාසිකම ජනතාවට එහෙම්මම ඉතුරු කරලා මහජන නියෝජිතයින් නොවන අනිත් අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව වන විදිහට සංශෝධනයන් සිදු කරන්න.."