මුහුදු ප්‍රදේශ රළු වීමත් සමඟ හදිසි දැනුම්දීමක් - නැවත දැනුම් දෙන තුරු දැඩි අවධානයෙන් පසුවන්නැයි දන්වයි

Report

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා නුසුදුසු බව දැනුම් දී ඇත.

ඒ අනුව මෙම දැනුම්දීම නිකුත් කර ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) දින නිකුත් කළ තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුවයි.

එහි සියලුම ධීවර කාර්මිකයන්ට දැඩි ලෙස අවවාද කර ඇත්තේ නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින ලෙසයි.

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

එමෙන්ම, සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු වෙනුවෙන් පිටත්වන යාත්‍රා ද මාතර සිට පොතුවිල් දක්වා නම් කර ඇති අවදානම් මුහුදු කලාපයට ඇතුළු වීමෙන් හෝ එහි ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

තවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක උපදෙස් පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ය.

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න