රජයේ නිලධාරීන්ගේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සංශෝධනයක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (06) දින කොළඹ අගරදගුරු මැදුරේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත ව තිබෙනවා.
එම හමුවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මේ වන විට රටේ පුළුල් සමාජ අවධානයට හා කතිකාවට ලක්ව ඇති අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ වත්මන් කටයුතු සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කිරීම මෙන්ම මීට අදාළව සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට විවිධ පුද්ගලයින් කටයුතු කරන බැවින් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු පැහැදිලි කිරීමයි.
එසේම එහිදී මෙම ක්ෂේත්‍රයන්හි පවතින වත්මන් අභියෝගවලට විසඳුම් ලබාදීම, අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ජනතාවට ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටු කිරීම අරමුණු කරගෙන රජය මේ වන විට ගෙන ඇති සාධනීය පියවර මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරුන් දෙපළ විසින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇති බව සඳහන්.
වත්කම් සියල්ල ජනතාවට එළි කිරීම පෞද්ගලිකත්වයට පහරක් - වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම ගැන ආණ්ඩුව ගන්න යන අලුත්ම තීරණය මෙන්න
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පිළිතුරු ලබා දී ඇත.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ දුෂණ විරෝධි පනත සංශෝදනය පිළිබඳ අදහස් දක්වමින් මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ජනතාවට ඕනෑම වෙලාවක දැනගත හැකි බවයි.
ඒ සඳහා ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කරන බවත් එම අයිතියට කිසිදු බාධාවක් සිදුවන ආකාරයෙන් කටයුතු නොකරන බවත් ඔහු සඳහන් කළා.
එසේම රජයේ නිලධාරීන්ගේ සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම තුළ එම පිරිසට රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික සේවයේ යෙදීමේ දී පෞද්ගලිකත්වයට හානි විය හැකි යම් යම් දේ සිදුවිය හැකි බව ද එබැවින් එම ක්ෂේත්‍රවල පමණක් මෙම සංශෝධන සිදුවන බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
එහිදී ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳව නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ඊට කාලයක් අවශ්‍ය බවත්, පාර්ලිමේන්තුව සහ ඉන් පිටත ජනතාව තුළ විශාල සංවාදයක් අවශ්‍ය බව ත් අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් ව්‍යවස්ථා සංශෝධනයකට පෙර ආර්ථිකය ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, නිතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වැනි රටේ ගැටළු රැසක් විසදීමට ඇති බව ද කියා සිටි අතර සියලු මැතිවරණ නියමිත කාලයේ පැවැත්වීම රජයේ අරමුණ බවත්, පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම ට අපේක්ෂා කරන බව ත් සඳභන් කළා.
ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න