ලොවම සලිත කරමින් ඇස් පිය ගහන සැණින් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට - තවත් 12 ට තුවාල - කම්පා වූ නරඹන්නන් සියලු දෙනා පිටියට දුවන් එයි
තායිලන්තයේ පාපන්දු ක්‍රීඩකයෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අනුව මෝසම් කුණාටුවකට හසු වූ තරගයක් හේතුවෙන් ක්‍රීඩකයින් වර්ෂාවට හසු වී සිරවී සිටි බව සඳහන්.
කෙසේ වෙතත් වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ක්‍රීඩකයින් දුවන ස්ථානයට යාබදව බිමට අකුණු සැර වැදෙන ආකාරයයි. එසේම දුම් වළාවක පතුලේ ගිනිදැල් දැල්වීමක් දැකිය හැකි වේ.
මෙසේ අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වූ ක්‍රීඩක සෆ්වාන් අවායි.
ඔහු බිම වැටුණු පසු ඔහුව නැවත පණ ගැන්වීමට උත්සාහ කිරීම සඳහා නරඹන්නන් පිටියට දිව ආ බව වාර්තා වේ.
එසේම ඔහුව නඟ සිටුවීමට උත්සාහ කළ අතර හදිසි සේවා කැඳවා රෝහලට ගෙන යාමට පෙර වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබුණා.
එහෙත් පොලිසිය ඔහු මිය ගිය බව තහවුරු කර තිබෙන අතර, 22 හැවිරිදි මැලේසියානු පාපන්දු ක්‍රීඩක අලිෆ් එසාහාන් සුල්කිෆ්ලි ඇතුළු තවත් 12 දෙනෙකුට පහරදීමෙන් පිළිස්සුම් තුවාල සිදුවී ඇති බව හෙළි කර තිබෙනවා.
ඒ අනුව පොලිස් ප්‍රධානී තුන් සිරිකුන්ට් පවසා ඇත්තේ, "හදිසි වෛද්‍ය කණ්ඩායම ඔහුව බේරා ගැනීමට සෑම උත්සාහයක්ම ගත්තද, සිද්ධියේදී ඇති වූ දරුණු තුවාල හේතුවෙන් වින්දිතයා මිය ගියා" යනුවෙන්.