සත්ව(සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි - ඉදිරියේදී නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්යයි
අද (06) දින පාර්ලිමේන්තුවේදී සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත විය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය අද පෙරවරු 11.45 සිට පස්වරු 5.40 දක්වා පවත්වා තිබුණා.
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීමට ඉදිරිපත් කළා.
මෙම පනත් කෙටුම්පත මඟින් මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය වෙනුවෙන් පමණක් අදාළ වූ නීතිමය විධිවිධාන තවත් සත්ව වර්ග කිහිපයක් සඳහා ද පුළුල් කිරීමට යෝජනා කර තිබෙනවා.
මුහුදු ප්‍රදේශ රළු වීමත් සමඟ හදිසි දැනුම්දීමක් - නැවත දැනුම් දෙන තුරු දැඩි අවධානයෙන් පසුවන්නැයි දන්වයි
ඒ අනුව, ඉදිරියේදී ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදී අදාළ නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වේ.
එහි ප්‍රධාන අරමුණ වූයේ, සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි රෝග ව්‍යාප්තිය පාලනය කිරීමයි.
එසේම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.07.21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කළා.
අඳාළ පනත් කෙටුම්පත මඟින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජල සම්පාදන සේවා කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සහ මණ්ඩලයේ වගකීම් පුළුල් කිරීම අරමුණු කර තිබෙනවා.