දශකයකට පස්සේ රිහානාගෙන් සුපිරි වැඩක්- සහකරු A$AP Rocky අහම්බෙන් හෙළි කළ දැවැන්ත රහස

By Kanchana Aug 06, 2026 10:36 AM GMT
Report

දශකයකට ආසන්න කාලයක් සම්පූර්ණ ඇල්බමයක් නිකුත් නොකළ ගායිකා රිහානා නව සංගීත ව්‍යාපෘතියක් සඳහා සූදානම් වන බවට ඇගේ සහකරු වන රැප් ගායක A$AP Rocky ඉඟි කර තිබේ. බදාදා The Jason Lee Podcast වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ, "ඇය දැන් චිත්‍රාගාරයේ" යනුවෙනි.

රිහානා සහ A$AP Rocky එක්ව ද්විත්ව ඇල්බමයක් නිර්මාණය කරන බවට පැතිර යන වාර්තා ඔහු ප්‍රතික්ෂේප කළද, නව ඇල්බමයක් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී "She’s cooking" යනුවෙන් පවසමින් නව සංගීතයක් සූදානම් වෙමින් පවතින බවට ඉඟියක් ලබා දුන්නේය.

බාර්බඩෝස් ජාතික ගායිකා රිහානා, සැබෑ නම රොබින් ෆෙන්ටි, අවසන් වරට සම්පූර්ණ චිත්‍රාගාර ඇල්බමයක් ලෙස "Anti" 2016 වසරේ නිකුත් කළ අතර, එතැන් සිට ඇය නව ඇල්බමයක් නිකුත් කර නොමැත. සම්මුඛ සාකච්ඡාවේදී වැඩසටහන් ඉදිරිපත්කරු ජේසන් ලී, යුවළට දරුවන් තිදෙනෙකු සිටීම සහ රිහානාගේ කාර්යබහුල ජීවිතය හේතුවෙන් ඇල්බමය ප්‍රමාද වී තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දුන් A$AP Rocky පැවසුවේ, එය සත්‍ය නොවන අතර රිහානා මේ වන විටත් නව සංගීත නිර්මාණයක නිරතව සිටින බවයි. "ඔව්... මම ඒක කිව්වා. සමාවෙන්න බබා," යනුවෙන්ද ඔහු විහිළුවෙන් සඳහන් කරමින්, එම ප්‍රකාශය නිසා තමන්ට පසුව ගැටලු ඇතිවිය හැකි බවද කියා සිටියේය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී Harper’s Bazaar සඟරාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී රිහානා ප්‍රකාශ කළේ නව ඇල්බමය සම්බන්ධයෙන් තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවයි.

"අවසානයේ මට එය සාර්ථක කරගන්න පුළුවන් වගේ දැනෙනවා. වසර අටක් ඔබ බලාගෙන හිටියා නම්, තවත් ටිකක් බලා සිටිය හැකියි. මට මධ්‍යස්ථ නිර්මාණයක් ඉදිරිපත් කරන්න බැහැ," යනුවෙන් ඇය එහිදී සඳහන් කළාය.

මයෙ අතිශය තුරුණු සරාගී බිරින්දෑවනි...' උපන්දිනය සමරන මාධවී ඇන්තනීට සැමියා කසුන් ලියපු පිස්සු හැදෙන උපන්දින සුබපැතුම මෙන්න

මයෙ අතිශය තුරුණු සරාගී බිරින්දෑවනි...' උපන්දිනය සමරන මාධවී ඇන්තනීට සැමියා කසුන් ලියපු පිස්සු හැදෙන උපන්දින සුබපැතුම මෙන්න

2016 වසරේ "Anti" ඇල්බමයෙන් පසු රිහානා, 2022 වසරේ "Lift Me Up" ඇතුළු තනි ගීත කිහිපයක් නිකුත් කළ අතර, එය Black Panther: Wakanda Forever චිත්‍රපටයේ ප්‍රධාන ගීතයක් ලෙසද භාවිත කෙරිණි.

සංගීතයට අමතරව, ඇය Fenty Beauty රූපලාවන්‍ය සන්නාමය සහ අනෙකුත් ව්‍යාපාර හරහාද විශාල සාර්ථකත්වයක් ලබා තිබේ. Forbes සඟරාවට අනුව ඇයගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි. එම සම්මුඛ සාකච්ඡාවේදී A$AP Rocky, තමන් සහ රිහානා විවාහ වී සිටිනවාද යන ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

Gallery