කොළඹ - අවිස්සාවේල්ල දුම්රිය හදිසියේ අවලංගුයි - කැලණිවැලි මාර්ගයේ මගීන් දැඩි අපහසුතාවට

By Malith Madushan Aug 06, 2026 10:34 AM GMT
Report

කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන අර්ධ ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් පෙර දැනුම්දීමකින් තොරව අවලංගු කිරීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් කරන මගීන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.

අද (06) පස්වරු 4.00ට කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අර්ධ ශීඝ්‍රගාමී දුම්රිය අවලංගු කර ඇති අතර, මෙම සතිය තුළ එම දුම්රිය අවලංගු වූ දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.

පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - නිවාඩු දිනයන් සහ පාසල් යළි ඇරඹෙන දිනය මෙන්න

පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් - නිවාඩු දිනයන් සහ පාසල් යළි ඇරඹෙන දිනය මෙන්න

පසුගිය සතියේද අවස්ථා දෙකකදී මෙම දුම්රිය අවලංගු කර තිබූ නමුත්, ඒ සඳහා හේතුවක් දුම්රිය බලධාරීන් විසින් මෙතෙක් ප්‍රකාශ කර නොමැත. මෙම තත්ත්වය හේතුවෙන් පස්වරු 4.25ට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රියට විශාල මගී පිරිසක් යොමුවනු ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල දැඩි තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතී.

එමෙන්ම බේස්ලයින් සහ නාරාහේන්පිට ඇතුළු දුම්රිය ස්ථානවලින් ගොඩවන මගීන්ටද සීමිත ඉඩ පහසුකම් හේතුවෙන් ඊළඟ දුම්රිය බලා සිටීමට සිදුවිය හැකි බව සඳහන් වේ.

අඛණ්ඩව සිදුවන මෙම දුම්රිය අවලංගු කිරීම් සම්බන්ධයෙන් මගීන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර, ගැටලුවට හේතුව හෝ විසඳුමක් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.

උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් - ආපදා දැනුම්දීමට දුරකථන අංක 5ක්

උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් - ආපදා දැනුම්දීමට දුරකථන අංක 5ක්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න