හැටන් ලංගම බස් දැඩි අවදානමක - මගීන් නැතුව ආදායම කඩා වැටෙයි
පවතින දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් ලංගම ලක්ෂ 33ක් වූ දෛනික ආදායම ලක්ෂ 10-12ත් දක්වා පහළ වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව හැටන් ලංගම ඩිපොවේ කළමණාකරු පාලිත විරසූරිය මහතා කියා ඇත්තේ, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණය සහ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා ඇතිවීමෙන් හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු.ලක්ෂ 33 සිට රු.ලක්ෂ 10-12ත් දක්වා පහළ බැස ඇති බවයි.
එසේම මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඩිපෝ කළමණාකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ, සාමාන්‍ය දිනවල තම ඩිපෝව මඟින් දුර සහ කෙටි දුර බස් රථ 75ක් ධාවනයට එක් කරන බවයි.
එහිදී මගීන් 18000-26000ක් පමණ තම ඩිපෝවේ බස් රථවල ගමන් කළ ද පවතින දැඩි වර්ෂාවත් සමඟ ගත වූ 03/04/05 යන තෙදින තුළ දිනකට මගීන් 9218 – 10000ත් අතර ප්‍රමාණයක් ගමන් කිරිම හේතුවෙන් මෙම ආදායම් තත්ත්වය පහළ වැටී ඇති බව ඩිපෝ කළමණාකාරවරයා සඳහන් කර ඇත.
එසේම පවතින අයහපත් කාලගුණයත් සමඟ පාසල් නිවාඩු ලබාදීම, මගීන් නිවෙස්වලින් බැහැර නොවීම හේතුවෙන් මෙම මගීන් සංඛ්‍යාව අඩු වී ඇති බව සඳහන්.
එමෙන්ම තම ඩිපෝවේ සේවකියන් 328 දෙනෙකු සේවය කරන බවත්, ඔවුන්ට මේ මස වැටුප ගෙවීමට අවශ්‍ය රු. ලක්ෂ 138ක පමණ මුදල මේ වන විට උපයාගෙන ඇති බවත් ඩිපෝ කළමණාකාරවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.
බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්