ලබන ජනවාරියේ තවත් ඡන්දයක්..අලුත්ම ආරංචිය මෙන්න.

Report

වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇත්තේ, දෙසැම්බර් මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙම වසරේදී එම මැතිවරණය පැවැත්වීමට අවස්ථාවක් නැති බවයි.

නව ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ කරන්න යන අලුත්ම වෙනස මෙන්න.

නව ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ කරන්න යන අලුත්ම වෙනස මෙන්න.


පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් රැසක් මේ වන විට විවිධ හේතුන් නිසා දේශපාලනය අතහැර හෝ විදෙස්ගත වී ඇති අතර ඇතැම් අපේක්ෂකයන් මිය ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය මත එම මැතිවරණයට නැවත නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගැනීමටද රජයේ අවධානය යොමු වී තිබේ.

කෙසේ වෙතත් එම මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණ නියෝගයක් ද ලබාදී තිබීමද විශේෂත්වයක්.