නව ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවේ කරන්න යන අලුත්ම වෙනස මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Politician Parliament Election 2024
By Aruna Nov 20, 2024 02:34 AM GMT
Aruna

Aruna

Report

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා බවයි පැවසෙන්නේ.

පාර්ලිමේන්තුවේ එදිනෙදා සම්මත කරන පනත් කෙටුම්පත් සියල්ල ද එම ක්‍රමයට සකස් කෙරෙන බවයි වාර්තා වන්නේ.

නව ආණ්ඩුවෙන් ඉන්ධ මිල අඩු කිරීමක් ගැන කියයි..මිල සූත්‍රයට වෙච්ච දේ මෙන්න.

නව ආණ්ඩුවෙන් ඉන්ධ මිල අඩු කිරීමක් ගැන කියයි..මිල සූත්‍රයට වෙච්ච දේ මෙන්න.


මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සඳහන් කළේ, මෙම ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත්, එය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් දැනටම උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.

එවැනි ලේඛන පරිශීලනයට අවස්ථාව ලබා ගැනීම දෘශ්‍යාබාධිත මන්ත්‍රිවරයාගේ අයිතියක් බවත් මෙම කටයුතු සම්බන්ධයෙන් ගත යුතු පියවර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සාකච්ඡා කිරීමට නියමිත බවත් නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළා.

මෙරට ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වහා පැතිර යන රෝගයක් මතුවෙයි..133ක් රෝගී වෙලා.

මෙරට ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වහා පැතිර යන රෝගයක් මතුවෙයි..133ක් රෝගී වෙලා.


මෙම මන්ත්‍රිවරයාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළු වන ස්ථානයේම ආසනයක් වෙන් කෙරෙන අතර මන්ත්‍රිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ද වෙන් කරනු ලැබේ.

ඉදිරිපත් කෙරෙන ලේඛන සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා දැනුවත් කිරීම එම සාමාජිකයාට පැවරී තිබෙන කාර්යය වනවා.

ReeCha