බුද්ධාගමට අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණයක්
By Zara
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වනවා.
පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් වල පවා යෙදී තිබෙනවා.
එම විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
එම නීතිය යටතේ නව දෙනෙකුගෙන් යුතු මහා බෝධි විහාර පරිපාලනයේ වැඩි බලයක් හින්දූන්ට හිමිවීම මෙම පිරිසගේ විරෝධයට ලක්ව තිබෙනවා.