පාර්ලිමේන්තුව පිටත මෙන්ම ඇතුළතත් උණුසුම් වෙයි..! නවතම තත්ත්වය මෙන්න..

Report

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ද වාර්තා විය.

ඒ අනුව විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කථානායකවරයා වහා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියි.

විරෝධතාකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති විය.

ඉන්ධන, ගෑස්, ආහාර සහ ඖෂධ හිඟයට මුහුණ දී සිටින රටේ ජනතාවට සහන සැලසීම සඳහා ලබන සතියේ පාර්ලිමේන්තුව කැඳවා විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගන්නා ලෙසද SJB කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ. සභාව විනාඩි 10කට කල් තැබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now