ගාලු මුවදොර විරෝතාවයට එක්වු අලුත් සාමාජිකයන් මෙන්න...(VIDEO)

Aborigines Gagana news protest Galle Face
By Subodha Apr 16, 2022 04:58 AM GMT
Subodha

Subodha

Report

කොළඹ ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය 8වන දිනටත් අඛණ්ඩව පැවැත්ව‍යි.

දිවයින පුරා සිටින තරුණ තරුණියින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වෙනිදා මෙම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රී සිය විරෝධතාවයේ නිරත වී සිටී.

මේ වනවිට බාල මහළු මෙන්ම විවිධ තරාතිරම වල ජනතා ව ඊට එක්වී සිටිති.

ඊයේ (15) රාත්‍රියේ විරෝධතා පැවැත්වෙන ගාලුමුවදොර පිටියට ආදිවාසින් පිරිසක් ද පැමිණ තිබේ .

එමෙන්ම තවත් කලාකරුවන් පිරිසක් ද විරෝධතාවට ඊයේ රාත්‍රියේ සහභා ගී වී ඇත.

මෙම විරෝධතාවය සඳහා ඊයේ රාත්‍රියේදීත් විශාල පිරිසක් එක්රැස් වී සිටි බව සඳහන් වේ

දර්ශන අයිතිය - අද දෙරණ.