ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසගේ විමර්ශනවල ප්‍රගතිය විමසයි

Report

කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (16) දිනයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිල්ලක් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ තවත් දෙදෙනකු අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, ඉකුත් අරගල සමයේ විනාශ වීමෙන් හානි පූර්ණ වූ අතර එම දේපොළ වෙනුවෙන් රුපියල් 88,50,000 ක වන්දි ලබා ගත්තේය.

විවාහක වයස 24 ක් වූ ටික් ටොක් පෙම්වතිය ගෙන්වාගෙන සමූහ දුෂණය කරලා

විවාහක වයස 24 ක් වූ ටික් ටොක් පෙම්වතිය ගෙන්වාගෙන සමූහ දුෂණය කරලා

ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 13 කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන බව අධිකරණයට දැනුම් දී ඇත.

ඉදිරි පැය 36ට වලංගුවන පරිදි කාලගුණ නිවේදනයක්

ඉදිරි පැය 36ට වලංගුවන පරිදි කාලගුණ නිවේදනයක්