ප්‍රියන්ත කුමාර ඝාතනය ගැන පාකිස්තානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.(VIDEO)

Accident Murder Sri Lanka Priyantha Kumara Pakistan defence minister
By Aruna Dec 06, 2021 07:52 AM GMT
Aruna

Aruna

Report

පාකිස්තානයේ සියල්කොට් හි දී ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ශ්‍රී ලංකා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඝාතනය පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාධාරණීකරණය කර තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් කියා සිටියේ, තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බවයි.

පාකිස්තාන් ඩේලි වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන හම්සා අසාර් සලාම් ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම ට්විටර් පණිවිඩයට අනුව ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තවත් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now