මෙරට හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවයි.

Presidential Secretariat of Sri Lanka Sri Lanka President of Sri lanka
By Wayomi Jul 25, 2023 07:46 AM GMT
Wayomi

Wayomi

Report

මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල – විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සඳහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර තිබෙනවා.

අද (24) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයකුගේ කාර්යමණ්ඩල ප්‍රධානියකු විසින් පසුගිය මාසයට අදාල බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මින් ඉදිරියට අදාල බිල්පත් සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ලබාදිය යුතු වරප්‍රසාද හා දීමනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ලබාදී තිබු නඩු තීන්දුවකට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ රජයෙන් ලබාදී ඇති නිල නිවාස හා වාහන නඩත්තුව හා ඉන්දන දීමනාවක් පමණක් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.  

ReeCha