බන්ධනාගාර 17ක සිරකරුවන් පිරිසකට හෙට කරන්න යන දේ මෙන්න..

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna May 19, 2022 04:24 AM GMT
Aruna

Aruna

Report

බන්ධනාගාර 17ක් තුළ යහපත් කල් ක්‍රියාවෙන් ගතකළ සිරකරුවන් 101 දෙනෙකුට හෙට (මැයි 20) නිවාස නිවාඩු ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කෙරෙන ආගමික, අධ්‍යාපනික වෘත්තීය පුහුණු ඇතුළු බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලියට දායකවූ යහපත් කල් ක්‍රියාවෙන් ගතකළ සිරකරුවන් 101 දෙනෙකුට එසේ නිවාස නිවාඩු ලබා දීමට නියමිත බවයි පැවසෙන්නේ.

මෙම සිරකරුවන්ට මාස 6ට වරක් දින 7 දින 10 හා දින 14 බැගින් තෙවරක් නිවාඩු ලබා දෙන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

එසේ නිවාඩු ගොස් යහපත්ව හා ඵලදායී ලෙස සිය ඥාතීන් සමග එම කාලය ගත කර නැවත බන්ධනාගාරය වෙත පැමිණෙන සිරකරුවන් බන්ධනාගාර බලපත්‍ර මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඔවුන්ව නිදහස් කර හැරීමට පියවර ගන්නා බව ද ඒකනායක මහතා කියා සිටියා.

දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටි සිරකරුවන් සඳහා මෙම නිවාස නිවාඩු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බව ද ඔවුන් පදිංචි ප්‍රදේශයන්හි පොලිසිය, පන්සල, ග්‍රාමනිලධාරි හා වින්දිත පාර්ශ්වයන්ගෙන් වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව එම සිරකරුවන්ට එසේ නිවාස නිවාඩු ලබාදුන් බව ද ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now