හිතක් පපුවක් නැතුව කරපු අපරාධෙට මරණ දඩුවම
By Kaushi
බහින් බස් වීමකින් පසුව පුද්ගලයෙකුට තියුණු ආයුධකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වරදකරු කෙරුණු වයස අවුරුදු 43 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකුට අද (21) දින මරණීය දණ්ඩනය නියම කර ඇත.
ඒ අනුව මෙම තීන්දුව කොළඹ මහාධිකරණයේදී කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින් ලබා දී තිබෙනවා.
මෙසේ නියෝග දී ඇත්තේ පහුගිය 2010 වසරේ මාර්තු මස 02 වන දින කැලණිය ප්‍රදේශයේදී රෝයි පීරිස් නැමැත්තෙකුට ආයුධකින් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුටයි.
කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා විසින් දිගු නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර විත්තිකරුට විරුද්ධව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බව පැවසුවා.
එනිසා අඳාළ දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබුණා.