හිටපු බන්ධනාගාර කොමසාරිස්ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Report

අල්ලස් පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වන කේ.කේ. සුමිත් මහතාට විදේශ ගතවීම සඳහා පනවා ඇති තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ අද (04) කැඳවනු ලැබීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාට ලබන 07 වනදා සිට සතියක කාලයක් සඳහා විදේශගතවීමට අවශ්‍යව ඇති බවත් එම කාලසීමාව සඳහා දැනට පනවා ඇති නියෝගය ලිහිල් කරන ලෙසය.

වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට පොලිස් කොමිසමෙන් නිවේදනයක්

වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට පොලිස් කොමිසමෙන් නිවේදනයක්

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධ වු අතර ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහාධිකරණ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

සිය නීත්‍යානුකූල ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්‍ෂ 500කට ආසන්න මුදල් හා දේපළ අත්පත් කරගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.