මෙන්න වැඩක් කුඩු විදුහල්පතිගේ දුරකථනයේ දේශපාලකයෝ සෙට් එකක්ම ඉන්නවලු
පසුගිය දිනක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බව තොරතුරු වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සිදුවීමෙන් පසුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
එමෙන්ම මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසු වන අතර මොහු කාලයක් තිස්සේ දේශපාලඥයන් විශාල ප්‍රමාණයක් සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංක තම ජංගම දුරකථනයෙහි සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.