මෙන්න වැඩක් කුඩු විදුහල්පතිගේ දුරකථනයේ දේශපාලකයෝ සෙට් එකක්ම ඉන්නවලු

Report

පසුගිය දිනක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බව තොරතුරු වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සිදුවීමෙන් පසුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

එමෙන්ම මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ පසු වන අතර මොහු කාලයක් තිස්සේ දේශපාලඥයන් විශාල ප්‍රමාණයක් සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන්ගේ දුරකථන අංක තම ජංගම දුරකථනයෙහි සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

මාලිමා මන්ත්‍රීනිගේ විදුහල්පති සැමියා වමාරයි - මන්ත්‍රීනියට පාතාලේ එක්ක තියෙන සම්බන්ඳතාත් එළි වෙයි

හිටපු ජනාධිපතිවරුන්ට ලුණු ඇඹුල් ඇතුව ජනපති අමතයි

හිටපු ජනාධිපතිවරුන්ට ලුණු ඇඹුල් ඇතුව ජනපති අමතයි