වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් අත්අඩංගුවට
මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් වන අතර බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියකි.
ඒ වගේම මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.
මෙම දෙදෙනා විසින් අදාළ වෙබ් අඩවියට වීඩියෝපට 334ක් උඩුගත කර ඇත.
තවද මෙම සැකකරුවන් හෙට (09) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමා සපුගොඩ මහත්මියගේ මූලිකත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධව තව දුරටත් විමර්ශනයන් සිදු කරනු ලබයි.